ක්ෂණික අන්තර්ජාල ණය සේවාව - FastRupee Sri Lanka

රුපියල් 50,000 දක්වා ක්‍ෂණික අන්තර්ජාල ණය මුදලක් දැන් FastRupee ශ්‍රී ලංකා වෙතින්

FastRupee ශ්‍රී ලංකා ආයතනය අනෙකුත් අන්තර්ජාලය හරහා ණය ලබාදෙන ආයතන වලට සාපේක්ෂව ඉතාම ආසන්නයෙදී දියත් කරන ලද ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද අතර මේ වනවිට සේවාදායකයින්ට ඉතා ඉක්මනින් ඔවුන්ගේ මුල්‍ය අවශ්‍යතා සඳහා ණය මුදල් ලබා දෙයි. මෙය සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය හරහා සිදුවන බැවින් බැංකුවකින් අයදුම් කරන ලද ණය අයදුම්පත් ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන්ටද මෙම ණය ලබාගැනීමේ සේවාව භාවිතා කළ හැකිය.

 

FastRupee Sri Lanka 

මෙම ආයතනය මගින් ක්ෂණිකව ණය මුදල් ලබාගැනීමට ඉඩ සලසා ඇත. ණය ගිවිසුමේ කොන්දේසි පහත පරිදි වේ:

  • අවම සහ උපරිම වයස් සිමාව සපුරාලිය යුතුය (අවුරුදු 20 - 80)
  • ණය අයදුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියෙකු වියයුතුයි
  • ණය අයදුම්කරුට ස්ථිර අදායමක් තිබිය යුතුය
  • පළමු වරට අයදුම් කළ හැකි ණය මුදල රුපියල් 10,000 ක් වන අතර, නැවත යුම් කළහැකි ණය මුදල රුපියල් 50,000 දක්වා වැඩි කරගත හැකිය
  • ණය කාල සිමාව: මාස 3 හෝ 6
  • පොලී අනුපාතය මසකට සියයට තිහකි

පොලී අනුපාතය ඉතා ඉහල අගයක් ගන්නේ නම්, කෙටිකාලීන අවශ්‍යතා සඳහා මුදල් ණයට ගැනීම නුවණට හුරුද යන්න ගැන දෙවරක් සිත බැලිය යුතුය. අත්‍යවශ්‍ය කරුණකට හැර අන්තර්ජාල ණය සේවාවන්ගෙන් මුදල් ණයට ලබා ගැනීම හැකිතාක් අවම කරගැනීමට වගබලාගන්නා ලෙස දැනුවත් කර සිටිමු.

FastRupee Sri Lanka  ආයතනය පොලී අනුපාතය ගණනය කරන්නේ කෙසේද?

ඔබ අයදුම් කරන ණය මුදලට අදාලව ගෙවිය යුතු නිශ්චිත කොමිස් මුදල දැනගැනීමට fastrupee.lk නිල වෙබ් අඩවියේ ඇති කැල්කියුලේටරය භාවිතා කරන්න. ඔබට අයදුම් කිරීමට අවශ්‍ය ණය මුදල වම් කොටුවේ සහ පොලිය දකුණු කොටුවේ ඇතුළත් කළ විට සමාගමේ පොලි මුදල සමඟ ආපසු ගෙවීය යුතු මුළු මුදල ඔබට දැනගැනීමට හැකිය.

උදාහරණ කීපයක්:

ණය මුදල

නැවත ගෙවිය යුතු මුදල

රුපියල් 1,000

රුපියල් 1,180

රුපියල් 5,000

රුපියල් 5,900

රුපියල් 10,000

රුපියල් 11,800

 

අයදුම් කරන ආකාරය:

ඔබගේ ඕනෑම ක්ෂණික මුල්‍ය අවශ්‍යතාවක් සඳහා ඉක්මන් සහ පහසුම විසඳුම වන්නේ FastRupee ආයතනයි. ණය අයදුම් ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ගතවන්නේ මිනිත්තු 10 සහ මිනිත්තු 30 අතර කාලයකි. ඔබ කලයුත්තේ:

  • FastRupee නිල වෙබ් අඩවියට පිවිසෙන්න
  • අවශ්‍ය ණය මුදල සහ ණය කාලසීමාව තෝරන්න
  • ඔබගේ සම්පූර්ණ නම සහ දුරකථන අංකය සඳහන් කරන ප්‍රශ්නාවලිය සම්පුර්ණ කරන්න
  • ඔබගේ අයදුම්පත තහවුරු කර විනාඩි කිහිපයක් රැඳී සිටින්න
  • ඔබගේ අයදුම්පත අනුමත වී හෝ ප්‍රතික්ෂේප වී ඇත්ද යන්න සමඟ ඔබට SMS දැනුම්දීමක් ලැබෙනු ඇත
  • නිර්ණායක සියල්ල සපුරා ඇත්නම් සහ තොරතුරු සියල්ල නිවැරදි නම් අයදුම්කළ ණය මුදල ඔබ ලබාදුන් බැංකු ගිණුමට බැර කෙරෙනු ඇත.

ඔබගේ ණය අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇත්නම් ආයතනයේ පාරිභෝගික සේවාව හා සම්බන්ද වී අවශ්‍ය උපදෙස් ලබාගන්න.

ඔබට නියමිත වේලාවට ණය ආපසු ගෙවීමට නොහැකි උවහොත් ඔබට මුහුණ දීමට සිදුවිය හැකි ප්‍රතිවිපාක මොනවාද?

ඔබ ණය අයදුම්පතක් යොමුකර ණය මුදලක් ලබාගත් පසු, නියමිත ණය කාල සිමාව තුළදි එය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට බැඳී සිටි. ඔබට නියමිත වේලාවට ණය ආපසු ගෙවීමට නොහැකි උවහොත්, පහත සඳහන් ගැටළු වලට ඔබට මුහුණ දීමට සිදුවිය හැකිය:

  • දඩ මුදලක් ගෙවීමට සිදුවිය හැක
  • ඔබ ලබාගත් ණය මුදලට ඉහල පොලි අනුපාතයන් එකතු විය හැක
  • FastRupee ආයතනයට ඔබේ ණය මුදල් එකතු කිරීමේ වගකීම ණය මුදල් එකතු කිරීම ආයතනවලට ලබාදිය හැකි අතර ඔවුන් ඔබට දිගින් දිගටම ඒ පිළිබඳව ඇවටිලි කෙරෙනු ඇත.
  • ඔබේ ණය වාර්තාවට හානි සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බැවින් ඔබට අනෙකුත් මුල්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීම අපහසු වනු ඇත.

අයදුම්පතක් යොමු කිරීමට පෙර ඔබට සම්පූර්ණ ණය මුදල ආපසු ගෙවිය හැකි බවට වග බලාගන්න.

FastRupee Sri Lanka  වෙතින් ලබාගත් ණය මුදල් ආපසු ගෙවිය හැකි ආකාර

ඔබට ක්‍රම කිහිපයකින් ඔබ ලබාගත් ණය මුදල් ගෙවිය හැකිය:

  • ඔබට බැංකු ගිණුමට මුදල් තැන්පත් කල හැකිය
  • Pay&Go Kiosks සේවාව හරහා (FastRupee විකල්පය තෝරන්න, ඔබේ දුරකථන අංකය සඳහන් කර මුදල් ඇතුලත් කරන්න)
  • සම්පත් බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීම තුලින් (ඔබේ පුද්ගලික තොරතුරු, FastRupee ගිණුම් අංකය, ඔබේ ණය ගිවිසුම් අංකය, ජාතික හැඳුනුම්පතේ විස්තර සහ අපේක්ෂිත ගෙවීම් මුදල ඇතුලත් කර බැංකු තැන්පතු පත්‍රිකාව පුරවන්න. ආයතනයෙන් ඔබට SMS දැනුම්දීමක් එවන තුරු ගෙවීම් රිසිට්පත ඔබ ළඟ තබාගන්න).
  • සම්පත් බැංකු ගිණුමට තැන්පත් කරන ආකාරයෙන්ම NDB බැංකු ගිණුමට තැන්පත් කල හැකිය. බැංකු ගිණුම් අංකය පමණක් වෙනස් වේ.

ඔබ ලබාගත් ණය මුදල් ආපසු ගෙවීමට විකල්ප කීපයක් ඇති බැවින්, ඔබට පහසු වඩාත් සුදුසු විකල්පය තෝරාගන්න. එය ඔබගේ වටිනා කාලයත්, අපහසුවකින් තොරව ණය ගෙවීමට ඔබට ඉඩකඩ සලසා දී ඇත.

ඔබ FastRupee පාරිභෝගික සහාය සේවාව සම්බන්ධ කර ගන්නේ කෙසේද?

පහත සඳහන් මාධ්‍යයන් භාවිතා කිරීමෙන් ඔබට පාරිභෝගික සහාය සේවාව ලබා ගත හැකිය:

  • සමාජ මාධ්‍ය විකල්පයන් හරහා (WhatsApp, Viber)
  • දුරකථන අංකය හරහා
  • ඊමේල් මාධ්‍යයෙන්

ඔබ විද්‍යුත් තැපෑලෙන් ප්‍රශ්නයක් යොමු කලවිට, ව්‍යාපාරික දින 1 - 2ක් ඇතුලත ඔබට පිළිතුරක් ලැබෙනු ඇත.

FastRupee සේවාව භාවිතා කිරීමේ වාසි සහ අවාසි

අන්තර්ජාලය හරහා ණය මුදල් ලබාදෙන ආයතනයක් තෝරාගැනීමේදී පාරිභෝගිකයන් ඔවුන් පිළිබඳව දක්වා ඇති අදහස් සලකා බලන්න. පාරිභෝගික අදහස් වලින් පෙන්නුම් කරන්නේ FastRupee  හි පහත ප්‍රතිලාභ ඇති බවයි.

  • ඉතාමත් ඉක්මණින්ම ණය මුදල් ලබාදෙන ආයතනයි

  • ඔබ ලබාගන්න පළමු ණය මුදල සඳහා පොලි අනුපාතය 0.01%ක් පමණයි
  • නැවත අයදුම් කරන වාර ගණන වැඩිවන සෑමවිටම අයදුම්කළ හැකි මුදල් වටිනාකම වැඩි වේ

සේවාවේ ඇති අවාසි

  • ඉහල පොලි අනුපාතයන්
  • ණය ආපසු ගෙවීම් ප්‍රමාද වූ විට ගෙවීමට සිදුවිය හැකි ඉහල දඩ මුදල්
  • ණය මුදලක් සඳහා අයදුම් කිරීමේදී ඔබේ අදායම් මාර්ග පිලිබඳ තොරතුරු තහවුරු කිරීමට සිදුවේ

ණය මුදල් ලබාගැනීමේදී ඉදිරිපත් කරන ණය ගිවිසුමේ ඇති සියලු කරුණු හොඳින් කියවා බලා අවබෝධ කරගැනීමෙන් අනතුරුව පමණක් ගිවිසුම අත්සන් කරන්න.

අන්තර්ජාලය හරහා ණය ලබාදෙන ආයතන වලින් ණය මුදල් ලබාගැනීම අනතුරුදායකද?

මෙය යම්තාක් දුරට සත්‍යකි. අන්තර්ජාලය හරහා ණය දෙන ආයතන වලින් මුදල් ණයට ගැනීම ඔබගේ මුල්‍ය තත්වයට අවදානම් විය හැකි අතර අනවශ්‍ය මුල්‍ය අපහසුත වලට ලක්විය හැක. මන්ද? මෙම ආයතනවල ප්‍රමුක කාර්යය වන්නේ ඔබගේ හදිසි මුල්‍ය අවශ්‍යතා සපුරාලන අතරතුර ඔවුන්ද ව්‍යාපාරයෙන් ලාබ ලැබීමයි. ආයතනයේ ලාබ ලැබීම හෝ පාඩු ලැබීම තීරණය වන්නේ ඔබ ලබාගන්නා ණය මුදල් කලට වෙලාවට නැවත ආපසු ගෙවීම මතයි.

  • ඉහල ණය පොලි අනුපාතයන් අයකිරීම
  • අමතර ගාස්තු එකතු කිරීම 
  • ණය කාල සිමාව ඉක්මවන්නන්ගෙන් දඩ මුදල් අයකරන්නේ එබැවිනි

ණය අයදුම්පතක් ඉදිරිපත් කිරීමට පෙර ඔබ ආයතනය සමඟ එකඟ වන කොන්දේසි හොඳින් කියවා තේරුම් ගන්න. ඔබට නියමිත දිනට, වේලාවට ණය ආපසු ගෙවීම් සිදුකළ හැකි දැයි අවබෝධයක් ලබාගන්න. ඉතාම හදිස්සි සහ අත්‍යවශ්‍ය කරුණකදී හැර, අන්තර්ජාලය හරහා මුදල් ණයට ගැනීමෙන් වැළකී සිටීමට වගබලාගන්න.