ස්ථාවර සහ වෙනස්වන පොලී අනුපාත, තෝරා ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු

ඔබේ ණය අයදුම්පත පුරවන විට, ඔබේ ණය මුදලට ස්ථාවර පොලී අනුපාතයක් හෝ වෙනස්වන පොලී අනුපාතයක් ලබා ගැනීමට ඔබ කැමති දැයි තෝරා ගැනීමට ඔබෙන් අසනු ඇත. ඔබ ඔබේ ණය අයදුම්පත පුරවන විට, ස්ථාවර හෝ වෙනස්වන පොලී අනුපාතයක් ඔබට වඩාත් සුදුසු වේදැයි ඔබ  සලකා බලනු ඇත. පොලී අනුපාත දෙකටම වෙන්වූ ප්‍රතිලාභ සහ අවාසි ඇති අතර වඩාත් සුදුසු වර්ගය බොහෝ දුරට රඳා පවතින්නේ ඔබේ ණය ලබා ගන්නා කාලය තුළ ඔබේ වර්තමාන මූල්‍ය හැකියාවන් සහ ආර්ථික තත්වය මත ය.

පොලී අනුපාතයක් යනු කුමක්ද?

පොලී අනුපාතය යනු ණය දෙන්නා විසින් ඔවුන්ගේ සේවා ගාස්තුව ලෙස අය කරනු ලබන මුදල් ප්‍රමාණයකි. ණය පහසුකම් වලදී (ණය, ක්‍රෙඩිට් කාඩ් ආදිය) පාරිභෝගිකයාගෙන් පොළිය අය කරන්නේ බැංකුව හෝ මූල්‍ය ආයතනයයි. ගනුදෙනුකරු තම මුදල් බැංකුවට හෝ ආයතනයට ණයට දෙන අවස්ථා වලදී (ඉතුරුම් ගිණුම්, ස්ථාවර තැන්පතු ආදිය) පාරිභෝගිකයාට පොලී මුදලක් ලැබෙනු ඇත.

පොලී අනුපාතයක් යනු කුමක්ද?

ස්ථාවර පොලී අනුපාතයක් යනු කුමක්ද?

ස්ථාවර පොලී අනුපාතයක් යනු ණය සහ ස්ථාවර තැන්පතු සඳහා පොළිය අය කිරීමේ වඩාත් පොදු ක්‍රමයයි. මූලික වශයෙන් අදහස් කරන්නේ ණය ඉල්ලුම් කරන අවස්ථාවේ පවතින පොලී අනුපාතය මුළු ණය කාලය සඳහාම අදාළ වන බවයි. උදාහරණයක් ලෙස, ඔබේ ණය අයදුම්පතේ ලියා ඇති පොලී අනුපාතය වසර 5 ක් සඳහා 7% ක් නම්, එම වසර 5 තුළ දේශීය පොලී අනුපාතය කොපමණ වාරයක් වෙනස් වුවද එය ඔබේ පොලී අනුපාතයට බලපෑමක් නොවේ. ඔබේ ණය මුදල සඳහා ඔබ සෑම මසකම ස්ථාවර වාරිකයක් ගෙවනු ඇත.

ස්ථාවර පොලී අනුපාතවල ප්‍රතිලාභ

  • ආරක්ෂාව පිළිබඳ හැඟීම - ආර්ථික තත්වය කෙතරම් අස්ථාවර වුවත් ඔබගේ පොලී ගෙවීම් ස්ථාවර වේ
  • ස්ථාවර ගෙවීම් - ණය මුදලේ මුළු කාලය සඳහාම ඔබට සමාන මුදලක් ගෙවීමට සිදුවේ
  • මූල්‍ය සැළසුම් සඳහා උපකාරී වේ - මුළු ණය කාලය සඳහාම පොලී ගෙවීම නියම කර ඇති බැවින්, ඔබේ වියදම් වඩා හොඳින් සැලසුම් කිරීමට ඔබට හැකි වේ

ස්ථාවර පොලී අනුපාතවල අවාසි

  • බාහිර පරිසර වෙනස්වීම් නොසලකා හැරීම - ආර්ථිකය දුර්වල මට්ටමක පැවතුනද, ණය ලබා ගන්නා අවස්ථාවේදී ඔබට නියම කල පොලී  මුදලම ඔබ තවමත් ගෙවනු ඇත.
  • මුදල් ඉතිරි කිරීමට ඉඩක් නැත - පොලී අනුපාතය අඩු වුවහොත්, පොලී ගෙවීම් මත මුදල් ඉතිරි කිරීමේ අවස්ථා ඔබට මග හැරේ

වෙනස්වන පොලී අනුපාතයක් යනු කුමක්ද?

වෙනස්වන පොලී අනුපාතයක් යනු ඔබේ ණය සඳහා අදාළ වන පොලී අනුපාතය සෑම විටම එවකට පවතින වෙළඳපල සහ ආර්ථික තත්වයන් මත රඳා පවතින බවයි. වෙනස්වන පොලී අනුපාත ගණනය කරනු ලබන්නේ එක් එක් ණය දෙන්නා විසින් නියම කරන ලද මූලික අනුපාතයක් වටා වන අතර මෙය වෙනස් වන සෑම අවස්ථාවකම ඔබේ ණය සඳහා අදාළ පොලී අනුපාතය ස්වයංක්‍රීයව සංශෝධනය කෙරේ. නිදසුනක් වශයෙන්, බැංකුව සිය පොලී අනුපාත වෙනස් කරන සෑම අවස්ථාවකම, නව පොලී අනුපාතය ඔබේ දැනට පවතින ණය සඳහා අදාළ වේ. මෙයින් අදහස් කරන්නේ ඔබ ගෙවන පොලී ප්‍රමාණය විචල්‍ය බවයි - සමහර විට වැඩි, සමහර විට අඩු වේ. වෙනස්වන පොලී අනුපාත ද ස්ථාවර පොලී අනුපාතවලට වඩා ප්‍රතිශත කිහිපයක් අඩු වේ.

වෙනස්වන පොලී අනුපාතවල ප්‍රතිලාභ

  • ස්ථාවර පොලී අනුපාතවලට වඩා අඩුය - වෙනස්වන පොලී අනුපාත එකල ස්ථාවර පොලී අනුපාතවලට වඩා අඩු විය හැකිය
  • ඉතිරි කළ මුදල් - පොලී අනුපාතය පහත වැටෙන සෑම අවස්ථාවකම, ඔබට පොලී ගෙවීම් වලින් මුදල් ඉතිරි කර ගත හැකි බැවින් නව, අඩු පොලී අනුපාතය එය වලංගු වන තාක් කල් අදාළ වේ.
  • පාරිසරික වෙනස්කම් - පොලී අනුපාත වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබිඹු කරයි

වෙනස්වන පොලී අනුපාතවල අවාසි 

  • අවිනිශ්චිත භාවය - පොලී අනුපාත සෑම විටම වෙනස් වන බැවින්, පොලී ගෙවීම් ස්ථාවර නොවන අතර එය නිතිපතා වෙනස් වේ (සාමාන්‍යයෙන් කාර්තුවකට වරක්)
  • අවදානම - ඉතා ඉහළ පොලී අනුපාතයක් අය කිරීමේ අවදානමක් ඇත

 

ස්ථාවර පොලී අනුපාත වෙනස්වන පොලී අනුපාත
සාපේක්ෂව ඉහළයි ස්ථාවර පොලී අනුපාතවලට වඩා අඩුය
ආර්ථික හා වෙළඳපල තත්ත්වයන්ගෙන් බලපෑමට ලක් නොවේ වර්තමාන ආර්ථික හා වෙළඳපල තත්වයන් මත සම්පූර්ණයෙන්ම රඳා පවතී
ආරක්ෂිතයි - වඩා හොඳ මූල්‍ය සැළසුම් සඳහා ඉඩ ලබා දේ අවිනිශ්චිතයි - මාසිකව ගෙවිය යුතු මුදල නිතර වෙනස් වේ
අඩු අවදානමක් වැඩි අවදානමක්
කෙටි කාලීන හා මධ්‍ය කාලීන ණය සඳහා සුදුසු ය දිගු කාලීන ණය සඳහා වඩාත් සුදුසු (අවුරුදු 20 ට වැඩි)

 

මම ස්ථාවර පොලී අනුපාතයක් හෝ වෙනස්වන පොලී අනුපාතයක් තෝරා ගත යුතුද?

පොලී අනුපාත සෑම විටම ඉහළ මට්ටමක පවතින කාලයකදී ඔබ ණයක් සඳහා ඉල්ලුම් කරන්නේ නම් සහ නුදුරු අනාගතයේ දී පොලී අනුපාතවල අඩුවීමක් ඔබට පෙනේ නම්, වෙනස්වන පොලී අනුපාතයකට යාම වඩාත් සුදුසුය. ප්‍රතිලෝමව, ණය අයදුම් කිරීමේදී පොලී අනුපාතය සාපේක්ෂව අඩු නම් සහ නුදුරු අනාගතයේ දී වැඩි වීමක් අපේක්ෂා කරන්නේ නම්, ස්ථාවර පොලී අනුපාතයකට යාම වඩාත් සුදුසුය. ඔබගේ ස්ථාවර පොලී ණය සඳහා ඔබ ගෙවන පොලී ප්‍රමාණයෙන් ඔබ සෑහීමකට පත්වේ නම්, අඩු විය හැකි පොලී අනුපාත පිළිබඳ බලා සිටිනවාට වඩා ස්ථාවර පොලී ණයක් ඉතා සුදුසු වේ.

මට මෙම පොලී අනුපාත දෙක අතර වෙනස්විය හැකිද?

බොහෝ ණය දෙන්නන් ඔබට ස්ථාවර පොළියක සිට වෙනස්වන පොළිය දක්වා වෙනස් වීමට ඉඩ දෙයි. කෙසේ වෙතත්, මේ හා සම්බන්ධ ගාස්තුවක් ඇත, සමහර විට ඔබේ මුළු ණය වටිනාකමෙන් 2% ක් හෝ ඊට වැඩි විය හැකිය. මෙය විශාල අගයක් විය හැකි බැවින් ඕෆ්සෙට් එකේදී ඔබේ තීරණය ගැනීම වඩාත් සුදුසුය. නව පොලී අනුපාතයකට මාරුවීමෙන් ඔබ ඉතිරි කරන මුදල් ප්‍රමාණයට වඩා මාරු වීමේ පිරිවැය අඩු නම් ඔබ සැලසුම් මාරු කිරීම ගැන සිතිය යුතු එකම අවස්ථාවයි.