LoanMe Sri Lanka - ක්ෂණික මාර්ගගත ණය

LoanMe - conditions for obtaining an online loan, terms and amounts, contacts for obtaining a loan

 

ඔබට ඉතාම ඉක්මන් මුදල් අවශ්‍යතාවක් ඇති නමුත් ඔබේ පවුලේ සාමාජිකයින්ට, නෑදෑයින්ට ඔබට ණය මුදලක් ලබා දීමට අපහසුතාවක් පවතී නම්, ඔබට ඉක්මනින් සහ ඵලදායී ලෙස ගැටලුව විසඳා ගැනීමට හැකි ශ්‍රී ලංකාවේ හොඳම මාර්ගගත ණය මුදල් පිරිනැමීමේ සේවාව සඳහා යොමුවන්න. මෙම සේවාවන්හි පිළිගත් සැපයුම්කරුවෙකු ලෙස ඔබට LoanMeශ්‍රී ලංකා මත ඔබගේ විශ්වාසය තැබිය හැක.

LoanMe ණය සේවාව

අන්තර්ජාලය හරහා LoanMeවෙත ණය අයදුම්පතක් යොමු කිරීමට පෙර සමාගම සමඟ ඔබ එකඟ වීමට සුදානම්වන කොන්දේසි පිළිබඳව අවබෝදයක් ලබාගන්න. ඔබට අවශ්‍ය විස්තර හා නිර්ණායක පිළිබඳව දැනුවත් වීමෙන් අනතුරුව, loanme.lk වෙබ් අඩවිය හරහා ඔබට ණය අයදුම්පතක් ඉදිරිපත් කළ හැකිය. 

LoanMeව්‍යාපාරය, Fintech Software Solutions (Private) Limited හි වෙළඳ සමාගම යටතට අයිතිවන අතර එය ශ්‍රී ලංකා ව්‍යාපාර නීතීන්ට අනුකුලව ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබයි.

සහයෝගීතාවයේ මූලික කොන්දේසි වලට ඇතුළත් වන්නේ:

  • අවම සහ උපරිම වයස් සිමාව සපුරාලිය යුතුය (අවුරුදු 22 - 55)
  • ණය ගැණුම්කරුට ස්ථිර රැකියාවක් තිබිය යුතුය
  • උපරිම ණය මුදල රුපියල් 40,000 වන අතර අවම ණය මුදල වන්නේ රුපියල් 5,000කි
  • ණය කාල සිමාව දින 120 දක්වා විය හැකිය
  • අයදුම්කරුට බැංකු ගිණුමක් තිබිය යුතුය

ගිවිසුම අත්සන් කිරීමට පෙර ඉහත සඳහන් කල සියලුම නිර්ණායක හොඳින් පරීක්ෂා කරන්න.

 

ණය මුදලක් සඳහා ඉල්ලුම් කළ හැක්කේ කෙසේද?

හදිසි අවශ්‍යතාවකදී ඔබට ඉක්මනින් මුදල් සොයා ගැනීම බොහෝ විට දුෂ්කර කාර්යයකි. මුලදී, ඔබට ඔබගේ මිතුරන්ගෙන් හෝ පවුලේ අයගෙන් කුඩා ණය මුදලක් ඉල්ලා සිටීමට සිදුවිය හැක, නමුත් එය ඒ අවස්ථාවේ අපහසු නම්, ඔබට LoanMe Sri Lanka වෙතින් අන්තර්ජාලය හරහා ආරක්ෂිතව ණය මුදලක් සඳහා අයදුම් කල හැකිය. කෙටි කාලීන ණය මුදලක් අවශ්‍ය වන්නේ හදිසි මූල්‍ය ගැටලු ඉතා ඉක්මනින් නිරාකරණය කරගැනීමටයි. එබැවින්, පහත සඳහන් කරුණු අනුගමනය කිරීම ඉතා වැදගත් වේ:

  • පිළිගත් සේවා සපයන්නෙකු තෝරාගන්න. මෙය ඉතාමත් වැදගත් කරුණකි, එබැවින් සැපයුම්කරුවන් පිළිබඳව හොඳින් දැනුවත් වන්න. එවැනි ඕනෑම අභියෝගාත්මක මූල්‍ය තත්වයකදී LoanMe ඔබගේ විශ්වාසවන්ත මුල්‍ය සහකරු වනු නොඅනුමානයි.
  • ණය ගිවිසුමේ කොන්දේසි ඉතා ප්‍රවේශමෙන් කියවන්න. අයදුම් කරන අවස්ථාව වනවිට ඔබ සේවාව ලබා ගැනීම සඳහා වන අවශ්‍යතා සපුරා නොමැති වන්නට ඉඩ ඇත.
  • ණය අයදුම්පත පිරවීමේදී අවශ්‍ය සියලුම පුද්ගලික තොරතුරු ඇතුළත් කිරීමට වග බලාගන්න.
  • මිනිත්තු කිහිපයක් ඇතුළත සේවාවෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන්න.
  • ප්‍රධාන ණය කොන්දේසිය වන්නේ අනාගතයේදී සමාගම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි වන පරිදි ණයට ගත් මුදල් නියමිත දිනට, වේලාවට නැවත පියවිමයි.

අයදුම් පත්‍රය පුරවන්නේ කෙසේද?

LoanMe Sri Lanka වෙබ් අඩවියේ අයදුම්පතක් යොමුකරන ආකාරය පිළිබඳව සෑම දෙයක්ම ඉතා පැහැදිලිව සහ සරලව විස්තර කර ඇත.

  • ඔබගේ මුල් නම, අවසාන නම සහ දුරකථන අංකය ඇතුළත් කරන්න
  • සෙල්ෆි ඡායාරූපයක් ලබාගන්න
  • ඔබගේ ජාතික හැඳුනුම්පතේ ඡායාරූපයක් යොමු කරන්න
  • ඔබේ අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමාගමෙන් ප්‍රතිචාරයක් ලැබෙනතෙක් රැඳී සිටින්න
  • ණය අයදුම්පත ප්‍රත්ක්ෂේප වීම හෝ අනුමත වීම විනාඩි 5 - 20ක් ඇතුළත ඔබට දැනගැනීමට ලැබෙනු ඇත
  • ණය අයදුම්පත හරහා ඔබ ලබාදුන්  තොරතුරු, විස්තර පැහැදිලි කරගැනීමට හෝ ඔබගේ දත්ත තහවුරු කරගැනීමට, අපගේ කාර්ය මණ්ඩලය ඔබ හා නැවත සම්බන්ද විය හැක.

ඔබ ලබාදුන් තොරතුරු සියල්ල අපගේ නිර්ණායක හා ගැලපෙන්නේ නම්, ඔබගේ අයදුම්පත අනුමට කිරීමෙන් පසු පැය 24ක් ඇතුළත ඔබේ බැංකු ගිණුමට මුදල් බැර කෙරෙනු ඇත. ඔබගේ ණය අයදුම්පත අනුමත වීම SMS දැනුම්දීමක් මඟින් නොලැබුනේ නම්, කරුණාකර හි පාරිභෝගික සේවාව අමතන්න.

ඔබ සඳහන් කර ඇති බැංකු ගිණුමට ඔබ අයදුම්කළ ණය මුදල බැර කෙරෙන බැවින්, ඔබට ඉතා පහසුවෙන්, කිසිදු දිඟු පෝලිමක රැඳී සිටීමෙන් තොරව ඔබගේ මුල්‍ය අවශ්‍යතාව ඉටු කරගැනීමට හැකිවේ.

LoanMe නියමයන් සහ කොන්දේසි

ණය කාල සීමාව

මාස 3 - 6 - 12

ණය මුදල

රුපියල් 5,000 සිට 40,000 දක්වා

පොළී අනුපාතය 

⁓15%

කොමිස් මුදල වෙනස් විය හැකි බැවින්, ඔබ ණය මුදලක් ලබාගන්නා සෑම අවස්ථාවකම එය පරීක්ෂා කිරීමට වග බලා ගන්න.

 

මට නියමිත වේලාවට මගේ ණය මුදල ආපසු ගෙවීමට නොහැකි නම් සිදුවන්නේ කුමක්ද?

ණය මුදලක් අයදුම් කිරීමට පෙර නියමිත වේලාවට ණය ආපසු ගෙවීමට ඔබට ඇති හැකියාව පිළිබඳව සලකා බලන්න. අන්තර්ජාලය හරහා ණය ලබාදෙන ආයතනයකින් ණය මුදලක් ලබා ගැනීම පිලිබඳ හොඳින් අධ්‍යනය කරන්න. ණය ආපසු ගෙවීමේ කල සිමාව ඉතා කෙටි විය හැකි අතර, අන්තර්ජාලය හරහා ණය ලබාදෙන ආයතනවල පොලී අනුපාතය ද තරමක් ඉහළ අගයක් ගත හැකිය.

ඔබ ණය මුදලක් ලබාගන්නා විට, එය නියමිත දිනට/වේලාවට ආපසු ගෙවීමට ඔබ බැඳී සිටී. ණය ආපසු ගෙවීම ඔබට නියමිත කාලයට සිදුකල නොහැකි උවහොත්, ඔබට පහත ගැටළු වලට මුහුණ දීමට සිදුවිය හැකිය:

  • දඩ මුදල් ගෙවීමට සිදුවිය හැක
  • ඉහල පොලි අනුපාතයන්ට ණය ආපසු ගෙවීමට සිදුවිය හැක
  • ඔබේ ණය මුදල් එකතු කිරීමේ වගකීම ණය මුදල් එකතු කිරීම ආයතනවලට ලබාදිය හැකි අතර ඔවුන් ඔබට දිගින් දිගටම ඒ පිළිබඳව ඇවටිලි කෙරෙනු ඇති අතර ඔබ 2මුලින් ගෙවිය යුතු ප්‍රමාණයට වඩා වැඩි මුදලක් ඔබට ගෙවීමට සිදුවිය හැක (ප්‍රමාද ගාස්තු/දඩ මුදල්).
  • ඔබගේ ණය ගනුදෙනු පිලිබඳ වාර්තා ඔබට අවාසි සහගත විය හැකි නිසා, වෙනත් මුල්‍ය ආයතන ඔබ සමඟ ගනුදෙනු කිරීමට පසුබට වනු ඇත

එබැවින්, අන්තර්ජාලය හරහා ණය මුදලක් සඳහා අයදුම් කිරීමට පෙර ඔබේ මූල්‍ය තත්වය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳව තක්සේරු කරන්න.

 

ණය ආපසු ගෙවිය හැකි ආකාර?

ඔබ ලබාගත් ණය මුදල නිවැරදිව පියවීමට, පහත පියවර අනුගමනය කරන්න:

  • ඔබේ බැංකු ගිණුමට ලොග් වෙන්න
  • Transfer විකල්පය තෝරාගන්න 
  • Loanme transfer විකල්පය තෝරාගන්න
  • ඔබ ගෙවීමට සුදානම්වන මුදල ඇතුලත් කරන්න
  • ඔබේ ණය ගිවිසුම් අංකය ඇතුලත් කරන්න 
  • ඔබ ඇතුළත් කළ තොරතුරු සියල්ල නිවැරදිදැයි පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ගනුදෙනුව සිදු කරන්න

ලබාදී ඇති පියවර/උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබට ඉතා ඉක්මනින් ගනුදෙනුව අවසන් කිරීමට උපකාරී වනු ඇත.

LoanMe සමඟ ගනුදෙනු කිරීමෙන් ඔබට අත්වන වාසි සහ අවාසි

LoanMeණය සේවාව සමඟ ගනුදෙනු කිරීමෙන් ඔබට සේවාදායකයකු ලෙස වාසි සහ අවාසි යන දෙකම අත්විඳීමට හැකිවනු ඇත.

වාසි:

  • නිවසේ සිටම ඔබට අන්තර්ජාලය හරහා ණය මුදලක් සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවේ
  • ඔබේ ණය අයදුම්පත අයදුම්කළ මොහොතේ සිට මිනිත්තු 5ත් - 20ත් අතර කාලයක් තුලදී පරික්ෂා කෙරෙනු ඇත
  • අනුමත වූ ණය අයදුම්පතකට දිනක් ඇතුලත බැංකු ගිණුමට අයදුම් කල ණය මුදල බර කෙරෙනු ඇත
  • ණය ආපසු ගෙවීමේ කාලය මාස 3, 6 සහ 12 විය හැකිය

විශාල අවාසි ප්‍රමාණයක් නැති නමුත් කීපයක් පමණක් ඔබගේ දැනුවත් වීම පිණිස සඳහන් කර ඇත

  • සාපේක්ෂව ඉහළ කොමිස් අනුපාතයන් 
  • වෙනස්වන සුළු පොලී අනුපාතයන් 
  • ණය මුදලක් ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබීමට ස්ථිර රැකියාවක නිරත විය යුතුය

මෙම සමාගමෙන් ණය මුදලක් ඈදුම් කිරීමට පෙර, ඔබට අත්විය හැකි වාසි සහ අවාසි සියල්ලම සංසන්දනය කර බලන්න.

LoanMe Sri Lanka  ආයතනය පිළිබඳ පාරිභෝගිකයන් දක්වන අදහස්

LoanMe සේවාව පාරිභෝගිකයින් විසින් හිතකර ලෙස ශ්‍රේණිගත කර ඇත. අභියෝගාත්මක ජීවන තත්වයන් තුළ ශ්‍රී ලාංකිකයින්ට උසස් තත්ත්වයේ සේවාවන් සැපයීමේ වාර්තාවක් ව්‍යාපාරය සතුව ඇත. එබැවින්, ඔබගේ ඕනෑම හදිසි මුදල් අවශ්‍යතාවකට LoanMe හා සම්බන්ද වීමෙන් ඔබගේ අවශ්‍යතාව සපුරාගත හැකිවනු ඇත.

අන්තර්ජාලය හරහා ණය මුදල් ලබාදෙන ආයතනවල සේවාවන් ඔබ භාවිතා නොකළ යුත්තේ කුමන අවස්ථා වලදීද?

ඔබට අමතර සැලකිය යුතු පිරිවැයක් දැරීමට අවශ්‍ය නැතිනම් ඔබට ඇති විකල්ප සලකා බලන්න. අන්තර්ජාලය හරහා ණය මුදල් ලබාදෙන ආයතනවල සේවාවන් ඔබ භාවිතා නොකළ යුත්තේ:

  • ඔබේ වියදම් ඔබේ වැටුප ඉක්මවා යන අවස්ථා වලදී
  • ඔබ සතුව ප්‍රමාණවත් ඉතුරුම් නොමැති අවස්ථා වලදී
  • ඔබට අත්‍යවශ්‍ය නොවන මිලදී ගැනීමක් සිදු කිරීමට අවශ්‍ය වූ විට

අන්තරාල ණය සේවාවන් භාවිතා නොකිරීමට, ඔබ පහත පුරුදු වර්ධනය කර ගත යුතුය:

  • ඔබේ අදායම් සහ වියදම් තක්සේරු කරගෙන ඊට ගැලපෙන ආකාරයට වියදම් සකසා ගන්න
  • ඉතුරු කිරීමට පුරුදු වන්න 
  • ඔබගේ අනාගතය පිලිබඳ සිතා ආයෝජනය කිරීමට පුරුදු වන්න 
  • වත්කම් ගොඩනැගීමට පුරුදු වන්න 
  • ඔබගේ බිල්පත් කලට වෙලාවට ගෙවා දමන්න
  • ඔබගේ අදායම් වියදම් පිළිබඳව නිරතුරුව අවබෝධයෙන් සිටින්න 
  • ලඟා කරගත හැකි ඉලක්ක අවබෝධ කරගන්න

ඔබට දරාගත නොහැකි අවශ්‍යතා සඳහා මුදල් වියදම් කිරීමෙන් වැලකි සිටීමට වගබලාගන්න. එකඟ වූ ණය සීමාවන් සහ කාල සිමාවන් ඉක්මවා නොයන ලෙස ඔබ ඔබේ වියදම් සැලසුම් කිරීම අත්‍යවශ්‍ය සාධකයකි.