CashX Sri Lanka වෙතින් රුපියල් 50,000 දක්වා ක්ෂණික ඔන්ලයින් ණය මුදලක්

රු. 50,000 දක්වා ක්ෂණික ඔන්ලයින් ණය මුදලක්, 2022 වසරේදී CashX Sri Lanka වෙතින් අයදුම් කිරීමට අදාල කොන්දේසි පිළිබඳව දැනුවත් වන්න

 

වර්තමානයේ, මුදල් ණයට ගැනීම ඇතුළු විවිධ මූල්‍ය ගනුදෙනු කිසිදු අපහසුතාවයකින් තොරව අන්තර්ජාලය හරහා සිදු කළ හැකිය. පළමුව, මෙම මුල්‍ය ආයතන විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳව අවබෝධ කරගන්න, අනතුරුව ඔබට ගැලපෙන හොඳම විකල්පය තෝරන්න, අවසානයේ අවශ්‍ය සියලු තොරතුරු ඇතුලත් කර අයදුම්පතක් යොමු කරන්න. අන්තර්ජාලය හරහා අයදුම් කරන ණය මුදල් සාමාන්‍යයෙන් ඉතාමත් කෙටි කාලයක් තුලදී ඔබේ බැංකු ගිණුමට බැර කරනු ලැබේ. එය ඔබගේ ඕනෑම මුල්‍ය අවශ්‍යතාවයක් ඉතාමත් ඉක්මණින් සහ අපසුතාවයකින් තොරව ඉෂ්ට කරගැනීමට ඉඩ සැලසේ. 

CashX ණය සේවාව

cashx.lk වෙත ණය අයදුම්පතක් ඉදිරිපත් කිරීමට පෙර සේවාවට අදාල නියමයන් සහ කොන්දේසි හොඳින් කියවා අවබෝධ කරගන්න. ඔබට ණය කොන්දේසි වලට හෝ නිර්ණායකවලට අනුකූල නොවීමට අවස්ථා ඇතිවේ.

ණය ගිවිසුමට අදාල ප්‍රධාන කොන්දේසි වලට පහත කරුණු ඇතුළත් වේ:

  • අවම සහ උපරිම වයස් සිමාව සපුරාලිය යුතුය (අවුරුදු 20 - 60)
  • අයදුම් කළහැකි උපරිම මුදල රුපියල් 50,000 වන අතර අවම මුදල වන්නේ රුපියල් 5,000
  • අයදුම්කරු ශ්‍රී ලංකික පුරවැසියකු විය යුතුයි
  • ණය කාල සිමාව දින 10 - 30

ඔබේ හදිසි මුල්‍ය අවශ්‍යතාවයකදී මෙවැනි ආයතන වලින් ලබාදෙන සේවය ඔබගේ අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට මහඟු පිටුවහලක් වේ. එබැවින්, CashX Sri Lanka ආයතනය යනු ඔබගේ ඕනෑම මුල්‍ය අවශ්‍යතාවයකදී ඔබට සහය වීමට සුදානමින් සිටින කදිම මුල්‍ය සහකරුවෙකි. 

 

CashX ණය සේවයේ විශේෂ ලක්ෂණ

CashX යනු, ශ්‍රී ලංකාව තුළ අනෙකුත් මුල්‍ය ආයතන වලට සාපේක්ෂව නවමු මුහුණුවරකින් ආරම්භ කරන ලද එහෙත් විශ්වාසවන්ත ලෙස මූල්‍ය සේවා සපයන ආයතනයකි. ඔබ ජිවත් වන්නේ පහත සඳහන් නගර අතරින් එකක නම්, ඔබ සේවාව ලබාගැනීමට සුදුසුකම් ලබයි.

  • වවුනියාව 
  • රත්නපුරය 
  • මාතලේ 
  • කෝට්ටේ 
  • දෙහිවල 
  • කොළඹ 
  • නුවර 

අදාල ප්‍රදේශයන් පිළිබඳව තදුරටත් දැනුවත් වීමට CashX වෙබ් අඩවියට පිවිසෙන්න.

මෙම ආයතනය, Green Money Tree Lending Corp සමුහය යටතේ තම ව්‍යාපාර කටයුතු සිදුකරනු ලබන අතර, 15% සිට - 18% දක්වා පොලි අනුපාතයන් යටතේ ක්ෂණික ණය මුදල් තම පාරිභෝගිකයන්ට නිකුත් කරනු ලැබේ.

උදාහරණයක් ලෙස:

ණය මුදල 

රුපියල් 10,000

CashX ණය කාලසීමාව 

දින 10

ආපසු ගෙවිය යුතු මුදල 

11,500

CashX වෙතින් ණය මුදලක් අයදුම් කරන්නේ කෙසේද?

අන්තර්ජාලය හරහා ණය මුදල් ලබාදෙන ආයතන වෙත ණය අයදුම්පතක් යොමු කිරීමට පෙර ඔබට එම අවස්ථාවේ එම මුදල් අත්‍යවශ්‍යද යන්න පිළිබඳව සලකා බලන්න. මිට හේතුව වන්නේ අන්තරජාලය හරහා ක්ෂණික ණය මුදල් ලබාදෙන ආයතන වල පොලි අනුපාතය සම්ප්‍රදායික මුල්‍ය ආයතන වලට වඩා තරමක් ඉහල අගයක් ගන්නා බැවිනි. මෙයට විකල්පයක් ලෙස ඔබගේ පවුලේ සාමාජිකයකුගෙන් හෝ සමීප මිතුරෙකුගේ සහය පැතීම යෝග්‍ය වන අතර එයද අපහසු නම් ඔබට ඇති හොඳම විකල්පය ලෙස CashX වෙබ් අඩවියට පිවිස ඔබට අවශ්‍ය ණය මුදල අයදුම් කල හැකිය. ඔබට අවශ්‍ය මුල්‍ය සහය ආයතනය මඟින් ඉතා ඉක්මනින් සපුරා දෙනු ලැබේ.

ණය මුදලක් අයදුම් කිරීම සඳහා පහත පියවරයන් අනුගමනය කල යුතුය.

  1. වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වන්න
  2. ඔබගේ දුරකථන අංකය සහ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරන්න 

  3. CashX ණය ගිවිසුම පිළිගන්නා බව තහවුරු කරන්න 

  4. තහවුරු කිරීමේ පියවර සමත් වන්න 

  5. ඔබේ බැංකු ගිණුමට බුදල් බැර කරගන්න

මෙම ක්‍රියාවලිය සම්පුර්ණ කරගැනීම සඳහා විශාල කාලයක් ගතවන්නේ නැත. ක්‍රියාවලිය සම්පුර්ණ කිරීමෙන් මිනිත්තු 15 - 20 අතර කාලයකදී ඔබේ බැංකු ගිණුමට අයදුම් කල නය මුදල බැර කෙරෙනු ලැබේ.

 

CashX හි ණය ආපසු ගෙවීම් ප්‍රතිශතය ගණනය කරන්නේ කෙසේද?

ඔබ අයදුම් කරන ණය මුදල (රු. 5,000 සිට 50,000 දක්වා) ඇතුළත් කළ හැකි කැල්කියුලේටරයක් වෙබ් අඩවියේ ඇති නිසා ණය ආපසු ගෙවීම් ප්‍රතිශතය ගණනය කිරීම පහසු කරගත හැකිය. ඔබට CashX කැල්කියුලේටරය භාවිතයෙන් ඔබගේ ගනුදෙනු වලට අදාල සියලුම ගණනය කිරීම් සිදු කළ හැක. ඔබ අයදුම් කරන ණය මුදලට අදාල කාල සිමාව සඳහන් කිරීමට අමතක නොකරන්න. එය දින 10 සිට 30 දක්වා සඳහන් කල හැකිය.

 

ඔබේ අයදුම්පතට පද්ධතියෙන් ප්‍රතිචාරයක් ලැබීමට කෙතරම් කාලයක් ගතවේද?

CashX ණය සේවය ස්වයංක්‍රීය සේවාවක් වන නිසා ඔබට පිළිතුරක් සඳහා වැඩි කාලයක් බලා සිටීමට සිදු නොවේ. මිනිත්තු කීපයක් තුල ඔබට පිළිතුරක් ලැබෙනු ඇත. පාරිභෝගික සේවා නිලධාරීන් ඔබ අමතා ඔබ ඉදිරිපත් කරන ලද ලියකියවිලි තහවුරු කරගැනීමට, සහ ණය අයදුම්පත පිළිබඳව අමතර තොරතුරු විමසීමට ඉඩ ඇත. ඔබ CashX වෙත ඉදිරිපත් කල යුතු ලියකියවිලි සහ තොරතුරු:

ඔබගේ ජාතික හැඳුනුම්පත

ඔබගේ දුරකත අංකය 

විමසනු ලබන පුද්ගලික තොරතුරු 

ආයතනය විසින් විමසනු ලබන සියලු තොරතුරු නිවැරදිව ඉදිරිපත් කර ඇත්දැයි හොඳින් පිරික්සා බලන්න.

 

CashX Sri Lanka වෙතින් ණය මුදල් ලබන්නේ කෙසේද?

ඔබේ ණය අයදුම්පත නිවැරදිව සම්පුර්ණ කර අදාල තොරතුරු සියල්ල නිවැරදිව ඉදිරිපත් කර ඇත්නම්, ඔබ ලබාදෙන ඕනෑම බැංකු ගිණුමකට ඔබ අයදුම් කරන ණය මුදල බැර කෙරෙනු ලැබේ.

යම් හෙයකින් ඔබේ ණය අයදුම්පත ප්‍රතික්ෂේප වුවහොත් ඔබ ලබාදෙන ලද තොරතුරු නිවැරදිදැයි පරික්ෂා කර බලා, නැවතත් අයදුම්පතක් යොමු කරන්න. ඔබ ඉදිරිපත් කරන තොරතුරු සැමවිටම දෙවරක්වත් පරික්ෂා කර බලන්න. සුළු වැරද්දකින් වුවද ඔඅබේ අයදුම්පත ප්‍රතික්ෂේප විය හැක. නැවත අයදුම්කිරීමෙන් අනතුරුවද ඔබේ ණය අයදුම්පත ප්‍රතික්ෂේප වේ නම්, ඔබ ආයතනයේ නියමයන් සහ කොන්දේසි සපුරා නොමැති බව තහවුරු වේ.

 

CashX Sri Lanka වෙතින් ලබාගත් ණය මුදල් නැවත ආපසු ගෙවන්නේ කෙසේද?

ඔබට පහසු ආකාර කීපයකින් ඔබ ලබාගත් ණය මුදල් ආපසු ගෙඉය හැක.

  • ඔබගේ CashX ගිණුමට ලොග් වෙන්න
  • මෙනුවෙන් ඔබට අදාල විකල්පය තෝරන්න
  • ණය ආපසු ගෙවීම හෝ ණය ගිවිසුම් කාලය දීර්ඝ කිරීම
  • ණය ගිවිසුම අලුත් කිරීමේදී. ඔබට අදාල CashX ගාස්තුව ගෙවිය යුතුය

ණය මුදල් ආපසු ගෙවීමේ විකල්පයන්ට ඇතුළත් වන්නේ:

  • බැංකු කාඩ්පත් මඟින් 
  • Pay&Go Kiosk ආපසු ගෙවීමේ සේවාව මඟින්
  • මුදල් ගෙවීම් හරහා
  • අන්තර්ජාල බැංකු හුවමාරුවක් (සම්පත් බැංකුව, කාගිල්ස් බැංකුව, අන්තර්ජාල බැංකුව, ආදිය) මඟින්

 

Pay&Go Kiosk සේවාව ක්‍රියා කරන්නේ කෙසේද?

මෙම සේවාවේ සහයෙන් ඔබට ඔබ ලබාගත් ණය මුදල් ආපසු ගෙවිය හැකිය. පියවරයන්:

  • මූල්‍ය කාණ්ඩය
  • CashX
  • ඔබගේ ජාතික හැඳුනුම්පත
  • ඔබගේ දුරකථන අංකය
  • ඔබට ආපසු ගෙවීමට අවශ්‍ය මුදල
  • මුදල් ඇතුල් කරන්න
  • ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න
  • චෙක්පත ගෙන ඡායාරූපයක් ලබාගන්න
  • 0775397150 අංකයට  (viber/whatsapp/facebook) හරහා ඡායාරූපය එවන්න
  • ඔබගේ මුදල් ගෙවීම යාවත්කාලීන වන තෙක් රැඳී සිටින්න

 

CashX Sri Lanka සතුව mobile application එකක් තිබේද?

CashX mobile application එක iOS සහ android යන මෙහෙයුම් ක්‍රියාවලින් දෙකේම පවතී. ඔබට ඉතාම පහසුවෙන් මේ හරහා ඔබගේ මුල්‍ය ගනුදෙනු සිදුකල හැකිය.

CashX Sri Lanka සතුව සමාජ මාධ්‍ය ගිණුමක් තිබේද? 

Facebook, YouTube, සහ LinkedIn යන සමාජ මාධ්‍යයන් තුනේම CashX සමාජ මාධ්‍ය ගිණුම් පවතී

 

CashX වෙතින් ණය මුදලක් ලබාගැනීමෙන් අත්වන වාසි මොනවාද?

ඔබගේ මුල්‍ය අවශ්‍යතා සඳහා CashX Sri Lanka තෝරා ගන්නේ නම්, ඔබට පහත දැක්වෙන ප්‍රතිලාභ හිමිවේ:

  • ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නාම යටතේ ලියාපදිංචි කළ සමාගමක්
  • ඔබගේ ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය පිළිබඳව අප ලබාදෙන වගකීම
  • ඔබගේ ණය ඉතිහාසය ගැටළුවක් නොවේ 
  • වේගවත් අනුමැතිය
  • අවශ්‍ය වන්නේ ඔබ සතුව වලංගු ජාතික හැඳුනුම්පත සහ දුරකථන අංකයක් සතු වීම පමණි
  • ඔබට ණය කාල සිමාව දිගු කළ හැකිය
  • සියලුම ගනුදෙනු අපහසුතාවයකින් තොරව අන්තර්ජාලය හරහා සිදු කෙරේ
  • ඔබගේ ඕනෑම හදිසි මුල්‍ය අවශ්‍යතාවයකදී ඔබට විශ්වාසය තැබිය හැකි එකම මුල්‍ය සහකරු වන්නේ CashX ආයතනයි
  • ජාත්‍යන්තර සමාගමක් බැවින් ඔබට ආයතනය මත විශ්වාසය තැබිය හැකිය
  • නියමිත දිනට කාලයට අදාලව ආපසු ණය ආපසු ගෙවීම් කරන්නේ නම් ඔබට ඔබේ ණය ඉතිහාසයේ ගැටළු පවතී නම් ඒවා නිරාකරණය කරගත හැක

ඉහත සඳහන් කල ප්‍රතිලාභ, අපගේ සේවාදායකයින්ගෙන් අපට ලැබුණු යහපත් ප්‍රතිචාර මත ඔබ වෙනුවෙන් සඳහන් කරන ලද බැවින් ඔබට අප ආයතනය සපයන සේවාවන් කෙරෙහි විශ්වාසය තැබිය හැකිය.

 

CashX සේවාවේ අවාසි

CashX සේවාවේ බොහෝ ප්‍රතිලාභ ඇති නමුත්, ණයක් අයදුම් කරනවිට යම් ගැටලුකාරී තත්වයන් වලටද මුහුණ දීමට ඉඩ ඇත. ඒවා පහත පරිදි වේ:

  • ණය ආපසු ගෙවීම සඳහා ඇති අඩු කාල සිමාව 
  • ඔබට නියමිත කාල සිමාව ඇතුලත ණය ආපසු ගෙවීමට නොහැකි වුවහොත් ගෙවීමට සිදුවන විශාල දඩ මුදල්
  • ඉහල පොලි අනුපාතයන් 

CashX සේවාවේ වාසි සහ අවාසි පිළිබඳව දැන් ඔබට අවබෝධයක් ඇති බැවින්, ණය මුදලක් අයදුම් කිරීමට පෙර ඒවා හොඳින් සංසන්දනය කර බලා ඔබේ අයදුම්පත යොමු කරන්න.


CashX සේවාව පිළිබඳව පාරිහොගිකයන්ගේ අදහස්

CashX වෙතින් ලබාදෙන සේවය පිළිබඳව ඉතාමත් යහපත් ප්‍රතිචාර අන්තර්ජාලයෙන් ඔබට ඕනෑම වෙලාවක ලබාගත හැක. ඔබට ඇති එකම විකල්පය CashX වෙතින් සේවාව ලබාගැනීම නම්, ඔබට ඒ සඳහා දෙවරක් සිටීමට අවශ්‍ය නැත. ඔබ සැලකිලිමත් විය යුතු මූලික කොන්දේසිය වන්නේ ලබාගත් ණය මුදල් නියමිත කාලයට ආපසු ගෙවීමයි. එවිට, ප්‍රමාද ගෙවිමකදී ගෙවීමට සිදුවිය හැකි ප්‍රමාද ගාස්තු වලක්වා ගැනීමෙන් ඔබට සිදුවිය හැකි මුල්‍ය අපහසුත අවම කර ගනිමින් ඔබේ මුල්‍ය අවශ්‍යතා ඉතා ඉක්මනින් විසඳා ගත හැකි වේ. අපගේ සේවාව ලබාගැනීම පිළිබඳව ඔබට කිසිදු විටක පසුතැවීමට සිදු නොවනු ඇත.