අන්තර්ජාලය හරහා ගෙවුම් ණය (Payday loans) ලබාගැනීම ආරක්ෂිතද?

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ගෙවුම් ණය (Online Payday loans) ඉහළ යාමත් සමඟ මෙම සංකල්පය බොහෝ කතාබහට ලක්ව ඇති අතර අන්තර්ජාලය හරහා ගැටුම්කාරී වාර්තා සහ ගෙවුම් ණය පිළිබඳ වැරදි වැටහීම් රාශියක් නිර්මාණය වී ඇත. බොහෝ අය එය සදාචාර විරෝධී හා කොල්ලකාරී යැයි සලකන අතර, ඇතැමුන් එය මුදල් ලබාගැනීමේ ක්‍රමයක් ලෙස බොහෝ අනතුරුදායක ආකාරයෙන් ගෙවුම් ණය මතම යැපෙති. අන්තර්ජාලය හරහා ගෙවුම් ණය සුරක්‍ෂිතද, අන්තර්ජාලය හරහා ගෙවන ණයවල ඇති අවදානම් මොනවාද සහ ආරක්ෂිත ලෙස අන්තර්ජාලය හරහා ගෙවුම් ණයක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අපි සමීපව සොයා බලමු.

OnCredit හි දී, අපගේ ගනුදෙනුකරුවන්ගේ අපහසුතාවයන්ගෙන් ප්‍රයෝජන නොගෙන ඔවුන්ට අවශ්‍ය සේවාවක් සැපයීම අරමුණු කර ගෙන ආරක්ෂිත ගෙවුම් ණය පහසුකම් සපයන්නෙකු වීම ගැන අපි ආඩම්බර වෙමු. මේ අනුව, එම ඉලක්කය මනසේ තබා ගනිමින්, අපගේ ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ සැලසීමට සහ ඔවුන්ගේ යහපත සුරැකීමට අපි ක්‍රියාමාර්ග ගණනාවක් සකස් කර ඇත්තෙමු.

1. ණය දෙන්නාගේ බලපත්‍ර සහ අනන්‍යතාවය පරීක්ෂා කරන්න

අපි පූර්ණ බලපත්‍රලාභී සමාගමක් වන අතර අපගේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත අන්තර්ජාල ගෙවුම් ණය සේවා පිළිබද උපදේශන සේවා සහ මූල්‍ය සහන ලබා දෙන්නෙමු. ගනුදෙනුකරුවන් සෑම විටම තමන් පුද්ගලික ණය ලබා ගන්නා සමාගම පිළිබඳ පසුබිම් පරීක්ෂාවක් කිරීමට කාලය ගත යුතු අතර අදාළ බලපත්‍රද පරීක්ෂා කළ යුතුය. බලපත්‍ර රහිත මුදල් ණය දෙන සමාගම් බොහෝමයක් තම ගනුදෙනුකරුවන්ගේ ණයට ගැනීමට අවශය අවදානම් තත්වයන් සූරාකෑමට උත්සාහ කරයි. ඔවුන් බලපත්‍ර රහිත බැවින් නියාමකයින්ට ඔවුන්ගේ මෙහෙයුම් ක්‍රම සහ ආචාර ධර්ම තහවුරු කිරීමට නොහැකි වන අතර එහි පාඩුව ගෙවීමට සිදුවන්නේ පාරිභෝගිකයින්ට ය.

2. එකඟ වීමට පෙර සියලු නියමයන් සහ කොන්දේසි හොඳින් කියවන්න

අපගේ සියලු ගනුදෙනු වල සම්පූර්ණ විනිවිදභාවය පවත්වා ගැනීමට අපි උත්සාහ කරන්නේ අපගේ සම්බන්ධිත ගාස්තු, ආපසු ගෙවීමේ ක්‍රමවේදයන් සහ වෙනත් ගෙවුම් ණය පිළිබද නියමයන් සහ කොන්දේසි අපගේ වෙබ් අඩවියේ විවිධ භාෂාවලින් පැහැදිලිව ප්‍රදර්ශනය කිරීමෙනි. එසේ කිරීමෙන්, අපගේ ගනුදෙනුකරුවන් අන්තර්ජාලය හරහා ගෙවුම් ණය ලබා ගන්නා විට ඔවුන් අත්සන් කරන්නේ කුමක් දැයි හරියටම දන්නා බව අපට සහතික කළ හැකිය. ගෙවුම් ණය සඳහා එතරම් නරක නමක් ලැබීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ සේවා ගාස්තු සහ ප්‍රමාද වී ගෙවීම් ගාස්තු පිලිබදව පැහැදිලිව කියවා ත්රුම් නොගෙන එම ණය ලබා ගැනීම හේතුවෙන් ඔවුන්ට අනවශ්‍ය ලෙස ඉහළ මුදලක් ගෙවීමට සිදුවීමයි. ආරක්ෂිත අන්තර්ජාල ගෙවුම් ණය ලබා ගැනීමට කැමති ගනුදෙනුකරුවන් ලියාපදිංචි වීමට පෙර සියලු නියමයන් සහ කොන්දේසි කියවිය යුතුය. සමාගමක් මෙම තොරතුරු විවෘතව හෙළි නොකරන්නේ නම්, මෙම ආයතන වෙත ප්‍රවේශමෙන් ප්‍රවේශ වීම වඩාත් සුදුසුය.

3. ඔබගේ දත්තවල පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව පිළිබඳව සොයා බලන්න

බොහෝ සමාගම්, මූල්‍ය හා මූල්‍ය නොවන යන දෙවර්ගයම සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමට නැඹුරු වන තවත් අංශයක් වන්නේ දත්ත සුරක්‍ෂිතතාවයයි. අපගේ ගෙවුම් ණය සියල්ලම අන්තර්ජාලය හරහා සිදුවන බැවින්, OnCredit හි දී අපි නිරන්තරයෙන් පරීක්‍ෂා කරන, යාවත්කාලීන කරන ලද සහ අළුත් කරන ලද සංකේතාත්මක දත්ත ප්‍රමිතීන් සහ ප්‍රොටෝකෝලයන්ගේ ප්‍රබල සංයෝජනයක් භාවිතා කරමින් දැඩි දත්ත සුරක්‍ෂිතතාවක් අනුගමනය කර ඇත්තෙමු. එසේ කිරීමෙන්, අපගේ ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික දත්තවල (දුරකථන අංක, ජාතික හැඳුනුම්පත, බැංකු ගිණුම් විස්තර, ගනුදෙනු වටිනාකම් ආදිය) සම්පූර්ණ ආරක්ෂාව සහතික කළ හැකිය. තමන්ගේ පුද්ගලික දත්ත ආරක්ෂා කර ගැනීම සඳහා හොඳ ඩිජිටල් භාවිතයන්හි යෙදීමට ගනුදෙනුකරුවන් මූලිකත්වය ගත යුතුය.

4. අත්‍යාවශ්‍ය කාර්යයකට පමණක් පුද්ගලික ණය ලබාගන්න 

අවසාන වශයෙන්, හදිසි මුදල් අවශ්‍යතාවයක් සඳහා වේගවත් මුදල් ණයක් ලබාගැනීම පිණිස අන්තර්ජාල ගෙවුම් ණයවල ආරක්ෂාව පිළිබඳව සොයා බලන විට, ගනුදෙනුකරුවන් දරුණු ණයකරුවන් බවට පත් නොවීමට දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව සඳහන් කිරීම වැදගත්ය. අන්තර්ජාලය හරහා ගෙවුම් ණය ලබා ගැනීමේ පහසු සහ වේගවත් ස්වභාවය නිසා, අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන මුදල් අවශ්‍යතා සඳහා පවා පුද්ගලික ණය ලබා ගැනීමට නැඹුරු වන අතර එය කිසිසේත් නිර්දේශ නොකරයි. පුද්ගලික ණය කිසිසේත් ස්ථිර ආදායම් මාර්ගයක් නොවේ. සෑම විටම ඉතා ඉක්මණින් ආපසු ගෙවිය යුතු ණය වේ. ගෙවීම් ප්‍රමාද කිරීමේ වැරැද්ද ද ජනතාව කරයි; ආපසු ගෙවීමට එකග වූ දිනයට පසු දින පටන්ම එයට දෛනික ගාස්තුවක් අය වන බැවින් ප්‍රමාදවූ මුළු කාලසීමාව සඳහා ගාස්තුවක් එකතු වේ, එම ගාස්තුව ගනුදෙනුකරුවන්ට දැරිය නොහැකි විය හැකි මුදලකින් අවසන් වීමටද ඉඩ ඇත.

හදිසි මූල්‍යමය අවශ්‍යතාවයකට වේගවත් හා පහසු විසඳුමක් ලෙස අන්තර්ජාල ගෙවුම් ණය හැදින්විය හැකිය. කෙසේ වෙතත්, ගනුදෙනුකරුවන් තමන් අයදුම් කරන අන්තර්ජාල ගෙවුම් ණය සුරක්ෂිත ගෙවුම් ණයක් බවට සහතික කිරීම සඳහා විශාල සැලකිල්ලක් දැක්විය යුතුය.