අන්තර්ජාලය හරහා ණය ලබා ගන්නේ කෙසේද?

ලෝකය අස්ථාවර හා අනපේක්ෂිත තත්වයන්ට මුහුණ දී ඇති හෙයින්, අපේක්ෂිත ගෙවීම් බලාපොරොත්තුවෙන් සිටින බොහෝ අය අනපේක්ෂිත මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටිති. මෙවැනි අවස්ථාවන්හිදී හදිසි හා නොවැළැක්විය හැකි වියදම් ඇති වූ විට, ඒ හා සමාන තත්වයේ සිටින මිතුරන් හා පවුලේ අය වෙත හැරීම කල හැකිදෙයක්  නොවේ. ඔබට නැවත මුදල් ලැබෙන තෙක් සුළු මුදල් අවශ්‍යතාවයක් ඇතිවන අවස්ථා වලදී, අන්තර්ජාලය හරහා ණය ලබාගැනීමට හැකිවීම එයට ඇති හොදම විසදුම වේ.

ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය හරහා ණය ලබා දෙන බැංකු නොවන ආයතන ගණනාවක් ඇති අතර එහි ඉක්මන් සේවාව පිළිබද පාරිභෝගිකයින් වඩාත් කැමති වන අතර එයට අවම ලිපි ලේඛන හා ලියකියවිලි අවශ්‍ය වේ. බැංකුවකින් සාම්ප්‍රදායික ණයක් සඳහා ඉල්ලුම් කරනවිට එයට සති ගණනක් ගත විය හැකි බැවින් සහ සුළු මුදලක් පවා ලබා ගත නොහැකි බැවින් අන්තර්ජාලය හරහා ණයක් ලබා ගැනීම වඩා පහසු වේ. මෙම ආයතනවල සේවා ගාස්තු වැඩි වුවද, හදිසි අවශ්‍යතාවයකදී එනම් වෛද්‍ය වියදම් හෝ හදිසි ගෘහ අලුත්වැඩියාවක් වැනි අවස්ථාවකදී ඔබට ගෙවීමට ඇත්තේ සුළු මුදලකි.

අන්තර්ජාලය හරහා ණය

ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හරහා ණය ලබා ගැනීම වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින සේවාවකි. ජංගම දුරකථන අධික ලෙස භාවිතා කිරීම හේතුවෙන්, අන්තර්ජාලය හරහා වේගවත් ණය ලබා ගැනීම බොහෝ විට නගරයෙන් පිට ජීවත් වන  හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇති අයට ඉතිරිව ඇති එකම විකල්පය වන අතර සාමාන්‍යයෙන් එම මුදල විශාල මුදලක් නොවේ. අන්තර්ජාල ණය මගින් ලබා දෙන පහසුව අසමසම ය. ගනුදෙනුකරුවකුට තම නිවසේ සුවපහසුවෙන් සිටින අතරම අන්තර්ජාල ණය සඳහා ඉල්ලුම් කළ හැකිය. ණය මුදල ඉදිරිපත් කරන ලද ගිණුම් අංකයට තැන්පත් කරන බැවින් භෞතිකව මුදල් හැසිරවීමට අවශ්‍ය නොවන අතර අමතර ආරක්ෂාවක් ද ඇත.

ඉතාමත් සරල ක්‍රියාවලියක් ඇති හෙයින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හරහා වේගවත් ණය ලබා ගැනීම කිසි විටෙක මෙතරම් පහසු නොවීය.

අන්තර්ජාලය හරහා ණය සඳහා ඉල්ලුම් කිරීමට, ඔබ වයස අවුරුදු 20-55 අතර විය යුතු අතර නිත්‍ය ශ්‍රම ආදායමක් (රැකියාව හෝ ස්වයං රැකියාව) තිබිය යුතුය. ඔබ මෙම මූලික අවශ්‍යතා දෙක සපුරාලන්නේ නම්, වෙබ් අඩවියට පිවිස ඔබේ නම සහ වලංගු දුරකථන අංකයක් සමඟ ලියාපදිංචි වන්න, එය එක් වරක් මුරපදයක් (OTP) භාවිතයෙන් තහවුරු වේ. මෙයින් පසු, මිනිත්තු 5 කට වඩා ගත නොවන ලියාපදිංචි කිරීමේ අයදුම්පත පුරවන්න, එම අවස්ථාවේදී ඔබට අවශ්‍ය වන්නේ එක් ලේඛනයක් පමණි. එනම් ඔබේ ජාතික හැඳුනුම්පත පමණි. ඔබ විසින් සපයන ලද තොරතුරු පරීක්ෂා කිරීම සඳහා ඔබට අපගේ සේවකයෙකුගෙන් ඇමතුමක් ලැබෙනු ඇත. ඇමතුම ලැබුණු වහාම, ඔබ ණය ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේද නැද්ද යන්න අපි ඔබට දන්වන්නෙමු, ඉන්පසු ණය මුදල එකවරම ඔබේ ගිණුමට බැර කරනු ලැබේ. ඔබ මීට පෙර ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ණය ලබාගෙන එය සම්පුර්ණයෙන් පියවා ඇත්නම් මෙම ක්‍රියාවලිය ඊටත් වඩා සරල වනු ඇත. පළමු වරට ණය ගැනුම්කරුවන් සදහා  සුළු මුදලකින් ආරම්භ කිරීමට සුදුසුකම් ලැබුවද, වත්කම් පිළිබඳ කිසිදු සාක්ෂියක් පෙන්වීමට හෝ අන්තර්ජාලය හරහා වේගවත් ණය ලබා ගැනීම සඳහා කිසිදු ඇපකරයක් සැපයීමට ඔවුන්ට අවශ්‍ය නොවේ.

මෙම ක්‍රියාවලිය ඉතා කෙටි හා ඉක්මන් මෙන්ම එය විය හැක්කක් නොවන බවක් දැනුනද, මෙම ගනුදෙනුව සම්පුර්ණයෙන් නීතිමය රෙගුලාසි වලට යටත් වේ. නියමිත වේලාවට ණය පියවීමට අපොහොසත් වුවහොත් ඒ සදහා ප්‍රමාද ගාස්තු අය කරන අතර ඔබේ සමස්ත ණය ලකුණු වලටද එය බලපායි. ණය මුදල ලබාගැනීමට පෙර අන්තර්ජාලය හරහා ණය පිළිබඳ නියමයන් සහ කොන්දේසි පිළිබඳව ඔබ හොදින් දැනසිටීම ඉතා වැදගත් වේ, එසේ නොමැතිනම් ඔබ දුෂ්කර මූල්‍ය තත්වයකට පත්වනු ඇත.

අන්තර්ජාලය හරහා ණය සඳහා ඉල්ලුම් කරන විට, ඔබට අපගේ කැල්කියුලේටරය වැනි පහසුකම් සඳහා ප්‍රවේශය ඇත, එමඟින් ඔබට කොපමණ ණය ප්‍රමාණයක් ලබා ගත හැකිද, සේවා ගාස්තුව සහ එය ආපසු ගෙවීමට අවශ්‍ය දිනය ඔබට හරියටම කියනු ඇත. සියලු නියමයන් සහ කොන්දේසි විවිධ භාෂාවලින් පැහැදිලිව ලබා ගත හැකි අතර, කිසියම් සැකයක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය වුවහොත් සම්බන්ධ වීමට ආයතනික සම්බන්ධතා තොරතුරුද දක්වා ඇත.